(+94) 0
aaa [email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thambuththegama M.M.V.

තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය

තඹුත්තේගම කලාපය

  • Register
  • Login
Thambuththegama M.M.V.

තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය

තඹුත්තේගම කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • කණිෂ්ඨ අංශය
      • සාමාන්‍ය පෙළ
      • උසස් පෙළ
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
      • කමිටු
    • කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

අද තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය බවට පත්ව ඇති මහා වෘක්ෂයේ ආරම්භය තඹුත්තේගම ගාමිණී මහා විදුහලයි.මෙම පාසල අනුරාධපුර දිස්ත්‍රිකයේ ඉපැරිණි පාඨශාලා වලින් එකකි.ජනවහර අනුව 1880-1890 කාලවලදී සිට මෙම පාසල පැවතගෙන ආ බව කියැවේ.චිංගීස් අයිත්මාතව් ගේ ගුරුගීතයේ දුයිෂෙන් වැනි අයෙක් ළමයින් කිහිප දෙනෙකු එකතු කරගෙන පොල් අතු මඬුවක මෙය ආරම්භ කර ඇති බව පැවසේ.මෙය මුල් කාලයේ දී තඹුත්තේගම ගම මධ්‍යයේ තිබී.අවුරුදු 2 කට පසුව කුරුණෑගල මාර්ගය අසල ඉදිකර ඇත.නමුත් මේ පිළිබදව ලිඛිත සාක්ෂි හමු වී නැති අතර පාසල පිළිබඳ තොරතුරු සෙවීමේ දී 1918 මෙපිට ලොග් සටහන් අපේ පාසල් ඉතිහාසය පිළිබද සාක්ෂි සපයා දෙයි.1918.03.11 දින සිට ගාමිණී මහා විද්‍යාලය ආරම්භ කර ඇති අතර ඒ මුල් කාලයේ දී ස්වභාෂා පිරිමි පාසල ලෙස හදුන්වා දී ඇත.එවකට පිරිමි දරුවන් පමණක් මෙහි ඉගෙනීමට පැමිණ ඇති බැවින් මෙසේ ව්‍යවහාර වි තිබේ.පසුව ආණ්ඩුවේ සිංහල මිශ්‍ර‍ පාසල විය.ආරම්භයේ දී මුල්ගුරුතුමා ලෙස එච්.එම්.වන්නිනායක මහතා කටයුතු කර ඇති අතර ඉගෙනුම් කටයුතු සදහා සිසුන් 46ක් පමණ පැමිණ තිබේ.මුල්ගුරුතුමාට අමතරව ඒ.ඩි.බණ්ඩා ශිෂ්‍ය ගුරු මහතා ද සේවය කර ඇත.එප්පාවල කෝරාල දින තුනෙන් තුනට පැමිණ පාසල පරීක්ෂා කර බලා තිබේ.

 

පාසලට නොපැමිණෙන ළමයින්ට විරුද්ධව නඩු පැවරීම ඔහුගේ කාර්ය වී ඇත. මේ කාලයේ දී ඉගෙනීහ සදහා නිර්දේශ කර තිබූ විෂයයන් අතර කියවීම,ලිවීම හා කියවන විට ලිවීම , ගණිතය , භාෂාව සහ වාක්‍ය රචනා , ග්‍ර‍න්ථ , භූගෝල ශාස්ත්‍රය‍,කථාන්තරය , ගොවි කර්මාන්තය , ස්වස්ථතාව , ඇදීම , මැහුම් යනාදිය වැදගත් වන අතර ඒ පිළිබද අවධානය යොමු කරන විට පෙනී යන්නේ පොතපතට සීමා නොවී ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල අත්දැකීම් ලබා දෙමින් සිසු හැකියා වර්ධනය කර සාර්ථක අධ්‍යාපනයක් මෙම විදුපියසින් සිසුන්ට දායාද කළ බවයි.එදා මෙදාතුරු පාසලට පැමිණි මුල් ගුරුතුමන්ලා , ගුරුභවතුන් හා අධ්‍යාපන බලධාරින් පාසලට විශාල සේවාවක් හා කැපවීමක් කර ඇති අතර එකල පැවති මැලේරියාව,සෙම්ප්‍ර‍තිශ්‍යාව,වසූරිය,කොකුපණු රෝගය වැනි වසංගත රෝගවලට මුහුණ දෙමින් අධ්‍යාපනයේ දියුණුවට මහගු මෙහෙයක් කරන ලද බව සදහන් කළ හැකිය. 1930.04.30 දින සිට සමරතුංග මුල් ගුරුතුමා කටයුතු කර ඇත.මෙතුමාගේ කාලයේ පාසල සදහා ප්‍ර‍ථම ස්ථිර ගොඩනැගිල්ල ඉදි වී ඇත.

මෙම ගොඩනැගිල්ල අද වුවද දක්නට තිබීම තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයේ සුවිශේෂි ලක්ෂණයකි.1931.06.01 දින සිට එච්.ඩි.අගෝරිස් මුල් ගුරුතුමා පැමිණ ඇත.මේ කාලයේ ක්‍රීඩාව අතින් දස්කම් දක්වන පිරිසක් මෙම විද්‍යාලයේ ඉගෙනුම් කටයුතු සිදු කර ඇත. 1933.11.26 මෙදින ගාලදිවුල්වැවේ ශිෂයයින් හා ගුරු පිරිස පැමිණ පාඨශාලාවේ ශිෂ්‍යයින් සමග තරග ක්‍රීඩා පවත්වන ලදී.උසින් පැනීම හා ගුඩු පැනීම යන ක්‍රීඩාවලින් ගාලදිවුල්වැවේ ශිෂ්‍යයින් ද දිවීම හා කඹ ඇදීම යන ක්‍රීඩාවලින් මේ පාඨශාලාවේ ශිෂ්‍යයින් ද ජය ගන්නා ලදී. පාසලේ මුල්ම ගුරුවරිය ලෙස එච්.පි.ඥානවතී මියගේ නම සදහන් වේ.1937.10.04 ටී.බී.අභයකෝන් මුල්ගුරුතුමා පාසලේ කටයුතු කර තිබේ.මේ වකවානුවේ පාසලේ දිවා ආහාරය ලබාදුන් බවට සාධක ඇත.

1939.12.31 දින අභයකෝන් මුල් ගුරුතුමා පාසලෙන් සමුගෙන ඇත.1943.11.01 දක්වා ඩබ්ලිව්.ටී.බණ්ඩා උපගුරුතුමා වැඩ බලා ඇත.1943.11.01 දින යු.බි.නවරත්න මුල්ගුරුතුමා පත්ව එයි.මෙම අවධියේ දී පාසලේ ප්‍රථම ජයග්‍රහණය වාර්ථා වී ඇත.1943 දුෂ්කර පළාත්වල සිසුන්ට ශිෂ්‍යත්ව ලැබ පළාත්බද මධ්‍ය විද්‍යාලවලට ඇතුළත් වීමේ වරම් හිමිකර දී ඇත.මේ සදහා පළමු අවස්ථාව හිමිකර ගත්තේ දෙමටවැව ඒ.රන්මැණිකා ශිෂ්‍යාවත්,තඹුත්තේගම කේ.බී.අප්පුහාමි ශිෂ්‍යය‌ාත්ය.1944.09.01 දින සිට එච්.එම්.මුදලිහාමි මුල්ගුරුතුමා ද 1946.09.10 දින මුණසිංහ මුල්ගුරුතුමා වෙනුවට ඩි.පී.කුමාරසිංහ මුල්ගුරුතුමා වැඩ භාරගෙන ඇත.පාසලේ සිසුන් මේ කාලය වන විට 67කි.

1947.03.02 එච්.එම්.තිඹිරිවැව මුල් ගුරුතුමා පත්ව එයි.මුල්ම ඉංග්‍රීසි උපගුරුවරයා ලෙස ඩබ්ලිව්.අයි.පෙරේරා මහතා සදහන් වේ.1949.07.01 දින සිට ධර්මවර්ධන මුල්ගුරුතුමා ද ඉන්පසු ඩබ්ලිව්.පී.සමරසිංහ මුල්ගුරුතුමා ද වැඩ භාරගෙන ඇත.මේ යුගය පාසලේ ස්වර්ණමය යුගය ලෙස හදුන්වා දී ඇත. සමරසිංහ යුගයේ දී පාඨශාලාව ශිඝ්‍ර දියුණුවක් ලබා ඇත.පාඨශාලාව මහා විද්‍යාලයක් බවට උසස් වී ඇත.ඒ අනුව 1961.01.01 වන දින සිට තඹුත්තේගම ගාමිණි මහා විද්‍යාලය බිහි විය.අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගවලට සිසුන් ඉදිරිපත්වීම , උසස් ප්‍රථිපල පෙන්වීම , පුහුණු ගුරුභවතුන් ගුරුමණ්ඩලයට එක් වීම ,අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් ද වැඩි දියුණු වෙමින් පාසල ඉදිරියට ඇදී ගියේය.මේ කාලයේදී නිවාසාන්තර ක්‍රීඩා ප්‍රදර්ශන පවත්වා ඇත.ක්‍රීඩා අංශයෙන් දිස්ත්‍රික් ජයග්‍රහණ ලබාගෙන උතුරුමැද පළමු තැනට පත්වී සමස්ත ලංකා මට්ටම දක්වා ගොස් ජයකොඩි ලෙළ දෙවන්නට සිසුන් සමතුන් වී ඇත.මේ කාලයේ දැමු අඩිතාලම මත පසුකාලීනව විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ දී උපාධිධාරින් සැලකිය යුතු පිරිසක් අප පාසලෙන් බිහිවී ඇත.

සමරසිංහ මුල්ගුරුතුමා අවුරුදු 11 ක කාලයක් සේවය කර පාසලෙන් සමුගන්නේ ඩි.එස්.පි.සි.ප්‍රේමචන්ද්‍ර ගුරුතුමාට වැඩ භාරදීමෙන්ය.මීලගට එළඹියේ ජයවර්ධන යුගයෙන් පසුව ජයසුමන මුල් ගුරුතුමන්ගේ යුගය ය.පාසල් පරිපාලනයෙන් කඩා වැටුණු යුගයක් ලෙස මෙම යුගය හැදින්වීමට පුළුවන.එච්.ජී.ජයසුමන මහතා ශ්‍රාස්ත්‍රපති උපාධිධාරියෙකි.දේශපාලන දඩුවම් මාරුවක් මත ස්ථාන මාරුවක් ලැබීම නිසාදෝ කිසියම් කලකිරිමකින් සේවය කර ඇත.1977 දී උසස් පෙළ පන්ති සම්පූර්ණයෙන්ම ඉවත්ව විදුහල කණිටු විදුහලක තත්වයට පත්ව ඇත.මෙම මුල්ගුරුතුමා පසුව 1984.11.26 / 1986.07.16 ආරම්භ වන්නේ අමරසිංහ වාසල යුගයයි.පුහුණු ගුරුවරයෙකු වූ එතුමා අප පාසල් මාතාවගෙන්ම බිහි වූ දරුවෙකි.නැවත 1978 වන විට අ.පො.ස (උ/පෙළ)පන්ති ආරම්භ කර තිබේ.වාණිජ විෂය ධාරාව පණ ගැන්වීය.දුර්වලව තිබූ ගණිත අංශය ද ගුරු සහයෝගයෙන් යළි පණ ගැන්වීය.

මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සුවිශේෂ ව්‍යාපෘතියක් ලෙස තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය 1984.11.26 දින සුභ මොහ‌ොතින් ගාමිණි මහා විද්‍යාලයෙන් වෙන්ව නගරාසන්න නිහඩ පරිසරයක ආරම්භ කරන ලදී.එවකට කලාවැව ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමති ඒ.එම්.එස්.අධිකාරි මැතිතුමගේ ප්‍රධානත්වයෙන් එවක මහවැලි සංවර්ධන ඇමති ගාමිණී දිසානයක හා අධ්‍යපන ඇමති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම විදුහල සිසු අයිතියට පත් විය. ගාමිණී මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 6 ශ්‍රේණියේ සිට ඉහළ පන්තිවලට සිසුන් මධ්‍ය මහා විද්‍යාලයට ආරම්භයේදී ඇතුළත් වූ මුල් සිසුන් 10 දෙනා අතර

  1. 1)ටී.ලලිත් නිශාන්ත පතිරණ                  6)ඩබ්.ඒ.ජී.අජිත් උදයකුමාර
    2)ව්.බ්.නිලන්ත                                  7)ටී.ජී.නාමල් ප්‍රසන්න දියාලගොඩ
    3)එම්.බී.සී.රත්නතිලක                         8)එම්.ජී.රන්ජිත් මාරසිංහ
    4)එම්.කේ.සනත් කුමාර ෆොන්සේකා       9)ජී.නිමල් තිලකරත්න
    5)ටී.එම්.ආර්.විමලසිරි

යන අය සදහන් කල හැකිය.දෙමහල් ගොඩනැගිල්ලක් ඇතුලු පන්ති කාමර සදහා ශාල 9 ක් ද, අංග සම්පූර්න ප්‍රධාන ශාලවක්ද , භෞතික ,ජීවී,කෘෂි, හා ගෘහ ආර්තික විද්‍යා විෂයන් සදහා විද්‍යාගාර ද , නැටුම් , සංගීත , හා චිත්‍ර විෂයන් සදහා වෙන් වූ ඒකකයක් ද තාක්ෂණ ශිල්ප ඒකකයක්ද සතුව පැවති මෙම පාසල අක්කර 22 ක භූමි භාගයක ව්‍යාප්තව ඇත . මෙම පාසලේ 1985.01.01 මුල්ම සංගීත ගුරුවරිය ලෙස බී.එම් . දිසානයක මිය වැඩ භාරගෙන ඇත . විදුහල්පතිතුමාගේ මූලිකත්වය හා මගපෙන්වීම යටතේ මෙතුමිය විසින් මෙම විද්‍යාලයට අභිමානවත් පාසල් ගීයක් ණිර්මානය කර දායාද කරන ලදි.

මධ්‍ය මහා විද්‍යාලයේ පළමු ක්‍රීඩා උත්සවය 1985.03.30 කලාවැව ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉඩම් හා ඉඩම් සංවර්ඩධන නියෝජ්‍ය අමාත්‍ය ඒ.එම්.එස්.අධිකාරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත . එසේම සිසු හකියා වර්ධනය කරමින් 1985 දෙසැම්බර් මාසයේ පාසලේ පළමු විවිධ ප්‍රසංගය පවත්වා ඇත .

1987 දී විද්‍යාලයට විදුලි බලය ලබාගත හැකි වූ අතර ඒ අනුව ජල නළ් පද්ධතියක් සකස් කිරීම පාසලේ විෂේශ ප්‍රගතියකි . විද්‍යලයට දෙමව්පියන්ගේ ද ප්‍රදේශවාසීන්ගේ ද නොමද දායකත්වයක් නිසා 1991.05.28 දින බුද්ධ මන්දිරයක් ප්‍රතිස්තාපනය කිරීමට හැකි විය .

ඉහත සදහන් කළ විදුහල්පතිවරුන් පාසලට විෂිශ්ට සේවයක් සිදු කර ඇති අතර එම්.ආර්.යූ ගුණවර්ධන යුගයේදීත් ඒ අතරිනුත් අති විෂිශ්ට සේවයක් සිදු වී ඇත . 2001 - 2016 කාල පරිච්ඡේදය මෙයට අයතය මේ වන විට සිසුන් 3249 ක් හා ගුරු මණ්ඩලය 126 ක් දක්වා වර්ධනයක් ලබා ඇත වර්තමාන විදුහල්පතිතුමගේ කැපවීම , උත්සාහය හා ධෛර්‍ය හේතුවෙන් පාසල සතු භෞතික සම්පත් ප්‍රමානය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී . 1AB වර්ගයේ පාසලක් වන මෙහි තෙමහල් ගොඩනැගිල්ලක් , දෙමහල් ගොඩනැගිලි 2 ක් පන්ති කාමර සදහා ශාලා 11 ක් සංගීත , නැටුම් කෘෂි , චිත්‍ර , ඉදිකිරීම් විද්‍යාගර 2 ක් , මාධ්‍ය ඒකකයක් , භාෂා ඒකකයක් , තෙමහල් තාක්ෂන පීඨයක් මෙන්ම අංග සම්පූර්ණ ප්‍රධන ශාලවක් හා පහසුකම් සහිත වැසිකිළි පද්ධතියක් සකස් වී ඇති බව සදහන් කළ හැකිය .

අප පාසල් භූමියේ කටුකත්වය බිද දමනින් දැකුම්කළු පරිසර පද්ධතියක් නිර්මාණය කර ප්‍රියමනාප ඉගෙනුම් පරිසරයක් සකස් කර සිසු දරුවන්ට දායද කිරීමට වර්තමාන විදුහල්පති ගුරු මණ්ඩලය හා දෙමාපිය ප්‍රජාව හුරු වූ අතර 2014/2015 යන වර්ෂ ඩෙක සදහාම පාසල් ඵලදායිතා ජාතික තරගාවලියට ඉදිරිපත් වී එම වර්ශ දෙකෙහිම ජාතික මට්ටමින් තෙවන ස්තානය ද උතුරු මැද පළාතේ ප්‍රථම ස්ථනය ද ලබාගන්නා ලදි . එතෙක් පාසල තුළ ක්‍රියාත්මක වූ දැක්ම අනුරාදපුර දිස්ත්‍රික්කයෙන් ඵලදායිතාවයෙන් විශිශ්ට පසල වීම, සම්පූර්න කිරීම නිසාවෙන් අපේ දැක්ම වෙනස් කොට ගුණ නැණැ සපිරි දරු කැළක් ලෙස 2015 සිට අපි කටයුතු මෙහෙයවමු . එමෙන්ම එම දැක්ම සාක්ෂාත් කර ගැනීමට අපේ දරුවන්ට හැකිවීම ද අප ලද භාග්‍යකි.

වත්මන් විදුහල්පති මහමාන්කඩවල ධම්මරතන හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීම යටතේ අප විද්‍යාලයේ ආගමික, අධ්‍යාපනික හා සාමාජීය කටයුතු වලදී කැපී වපෙනෙන වෙනසක් අති විය . වඩාත් කැපී පෙනෙන කාර්‍යය වූයේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් ශිෂ්‍යත්ව කඩයීම් ලකුණු පාසල් පද්ධතියට අප විද්‍යාලයට එකතු වීමයි . ඒ අනුව 2020 වර්ශයේ අප විද්‍යාලයට ශිෂ්‍යත්ව ස්මත් දරුවෙකු ඇතුළත් වීමේ කඩයිම් ලකුණ 200 න් 1 ක් රේඛීය අමත්‍යංශය විසින් තීරනය කර ඇත .

වත්මන් විදුහල්පති ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීම යටතේ පාසලේ සිසු දරුවන්ගේ ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණින් සාරධර්ම වැඩසටහන්, මාපිය වන්දනා වැඩසටහන් හා රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත . කලහකාරි සිසුන් පිළිබද විශේෂ අවධානය යොමු කරමින් විවිධ දැනුවත් කිරීම් ද සිදු කරයි.

අ.පො.ස (සා.පෙළ) හා අ.පො.ස (උසස් පෙළ) විභාග ප්‍රථිඵල වලින් සාර්ථක ප්‍රථිපඵ්ල පෙන්වා ඇත . එනිසාම විද්‍යාලය පිළිබද පාසල් ප්‍රජාවේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී ඇත . මැදි මහ විද්‍යාලයේ වත්මන් සංවර්ධනයේ උච්චතම අවස්ථාවට පත්වෙමින් පවතී . පාසල් ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් ලෙස 2021.04.29 දින සිට අ/තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් වේ . එහි ගෞරවය විදුහල්පති ස්වාමීන් වහන්සේට, එයට සහය දැක්වූ වත්මන් රජයටත් ඇතුලු සුබ පතන්නන් වෙත හිමි විය යුතුය 

 

 

Thambuththegama M.M.V.

තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය

තඹුත්තේගම කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • පාසල් සැලැස්ම

Contact us

  • :  
  • පාසල් මාවත, තඹුත්තේගම

: [email protected]

Supported By

© 2025 Thambuththegama M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk