විදුහල්පති පණිවිඩය
අ / තඹුත්තේගම මාධ්‍ය මහා විද්‍යාලය

මහින්දාගමනයෙන් ඇරඹී හෙළ ශිෂ්ටාචාරයේ තිඹිරිගෙය වන ඓතිහාසික අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජය ස්‍රී මහා බෝධීන් වහන්සේගේ හා රුවන්වැලි මහා සෑයේ දහම් සිසිලස ලැබගෙන වැජඹෙන අ/තඹුත්තේගම මැදි විදුහල් මාතාව මහවැලි සංවර්ධන ව්‍යාපරයත් සමග 1984 ඉල් මස 26 දින තඹුත්තේගම නව නගරයේ දී ආරම්භ වුයේ සුවහසක් දරු දැරියන්ගේ නැණ ගුණ සපුරාලීමේ පරම අදිටනින්ම ය.
එදින සිට අද දක්වා දරු දැරියන්ගේ සිහින මල් පල ගන්වන්නට මග පෙන්වූ විදුහල්පතිවරු පහළොස් දෙනෙකුගේ අසහාය ශක්තියෙන් නැගී සිටි මැදි විදුහල් පියසට මා පත්ව අවේ 2019.02.12 දින 16 වන විදුහල්පති ස්වාමින් වහන්සේ ලෙසට ය.මා පැමිණෙන විට විද්‍යාලයේ ශිෂ්‍ය සංඛයාව 3212 වූ අතර ගුරු මණ්ඩලය 118 කින් සමන්විත් විය
තඹුත්තේගම මැදි විදුහල 2014/2015 වර්ෂවල ඵලදායිතා තරගාවලියෙන් උතුරු මද පළාතෙන් ප්‍රථම ස්ථානයත් සමස්ථ දිවයිනෙන් තෙවන ස්ථානයත් හිමි කර ගත්තද 2020 වර්ශයේ පාසල තුළ මා හට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවිය.කෙසේ වුවද ක්‍රමානුකුලව හා පියවරෙන් පියවර මෙන්ම උජුව සෘජුව ගුණයෙන් යුතුව මා ගත් ක්‍රියාමාර්ග සදහා ගුරු මණ්ඩලයේ එකමුතු බවින්,සිසු දරු දැරියන්ගේ විනයානුකුල පැවැත්ම ,දෙමාපිය හා සුබපතන්නන්ගේ සහයෝගයත් හා දෙපාර්තුමේන්තුවේ මනා මග පෙන්වීමත් හීතු කොට ගෙන දරුවන්ගේ අධ්‍යාපන මට්ටමේ ගුණාත්මක සංවර්ධනයක් පැහැදිලි ලෙසටම ඇති කිරීමට හැකි වීම මා ලබා ගත් ජයග්‍රහණයක් බව පවසන්නේ ඉමහත් සොම්නසිනි
මෙවන් උසස් මට්ටමකට පාසල ගෙමනා ඒම සදහා සිසු දරු දැරියන් විනයානුකුල බවින් මෙන්ම දනුමෙන්ද පෝෂණය කල යුතු ය.ඒ සදහා සෑම විටම මා ආගමික සංකල්පවලට මුල්තැන දී කටයුතු කිරීම මත අප පාසල ප්‍රදේශයේ වඩාත් ආකර්ෂණයට මෙන්ම පැසසුමටද බදුන් වන බව දක්නට ලැබේ.එහි ප්රථිඵලයක් ලෙස අද වන විට විදුහලේ ශිෂ්‍ය සංඛයාව 3264 හා ගුරු මණ්ඩලයේ සංඛයාව 125 බවට පත්ව තිබේ.
අප පාසලේ සාර්ථකත්වය මොනවට කියා පාමින් මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සිසුන් බදවා ගැනීමේ කඩයිම් ලකුණු ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.එමෙන්ම වර්ථමානයේ උද්ගතව තිබෙන කොරෝන වසංගතය සදහා මුහුණ දීමට අප පාසලේ සිසුන්ට උපරිම සනීපාරක්ෂක පහසුකම් සලසා ඇත්තේ පණ මෙන් සුරකින අපේ දරු පරපුර රැක ගැනීමේ පරම අදිටනෙනි. තවද මෙවැනි දුෂ්කර කාල පරිච්චේදයක දී වුවද අප විද්‍යාලයේ සංගීත,නර්තන,රංග කළා,ශිෂ්‍ය බට,බාල දක්ෂ,චෙස්,පරිසර බට මෙන්ම විවිධ භාෂා යටතේ ඉදිරිපත් වූ සිසු දරු දැරියන් සමස්ථ ලංකා,පළාත්,දිස්ත්‍රික්ක ආදී ජයග්‍රහණ රැසක් ගෙන ඒමට සමත් විය.එසේම විශ්ව විද්‍යාලයන් සදහා අතුඉලත් වන ශිෂ්‍ය සංඛයාව මෙන්ම සමස්ථ ප්‍රථිඵල ද ගුණාත්මකව ඉහළ ගොස් තිබීම සොම්නසට කරුණකි.
මෙම සියලු ජයග්‍රහණ අතරේ වත්මන් රජය එලදායි ප්‍රතිපත්තියක් වන ජාතික පාසල් බිහි කිරීම කෘතහස්ත් කර්ත්යව්වයේ ප්රමුඛයෙකු ලෙස තඹුත්තේගම විද්‍යාලයද එක වීම මගේ පාලන කාලයේදී ලැබීමද මා ලද භාග්‍යයක් ලෙස සලකමි.කලා වැවේ දියෙන් පෝෂණය වී සිටි මහා බෝ සිසිලසින් නැහැවෙන රජරට දූ පුතුනට සුබ අනාගතයක් සලසාලන්නට තෝතැන්නක් ලෙසින් වැජඹෙන්නට තඹුත්තේගම මැදි විදුහලට හැකි වේවායි පතන මා මේ සදහා නං අයුරින් සහය දැක්වූ සියලු දෙනාට කෘතවේදීව සිහිපත් කරන්නේ සාධු සිතිනි