නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය (රසික දිවාකර මයා )
සියලු හොද දේ දරුවන්ටය.දරුවන්ගේ ලෝකය විශාලය,රටක සංවර්ධනය මනින ඒකකයක් වන්නේ ළදරු මරණ අනුපාතයයි. දියුණු සෑම රටකම රාජ්‍ය ප්‍රතිපත්ති අතර දරුවන් ප්‍රදාන ඒකකයකි.සියලු ප්‍රතිපත්ති සැකසෙන්නේ දරුවන් ඉලක්ක කරගෙන වීම විශේෂයකි.මේ අනුව දරුවන් උදෙසා සැලකිල්ල පිළිබද අපි කොතරම් අවධානයක් යොමු කළ යුතුද යන්න පැහැදිලිය.වත්මන් සමාජ ඛේදවාචකය වන්නේ ඔවුන් ඉලක්ක කොටගෙන සියලු දුරාචාරයන් ක්‍රියාත්මක විම ය.එයින් අප තල්ලු කරන්නේ ග්‍රෝත්‍රික සමාජයක් තුලිනුත් පහළ තත්වයකටයි. එබැවින් දැඩි අවදානම් තත්වයක සිටින දුවා දරුවන් නව තාක්ෂණික මෙවලම් ඔස්සේ ලෝකයේ සියලු ස්ථරයන් අභිභවා යනු දැක්ම අප තඹුත්තේගම ජාතික විදුහල් මාතාවගේ අභිප්‍රායයි.මේ සියලු හොද දේ දරුවන්ගේ සුභසිද්ධිය පතා ක්‍රියාත්මක කිරීම අපගේ පරමාර්ථයයි
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය (ප්‍රදීප කුසුම් ජයරත්ය්න මිය )
තාක්ෂණික මෙවලම් දියුණු සමාජ තත්වයක් කරා රගෙන යන නව තාක්ෂණික ප්‍රවහයෝ ය. එය ලබා දිය යුතුව වන්නේ අනාගත පරපුරට වීම විශේෂයි. එහි හැම පියවරකින්ම ප්‍රථමයෙන්ම කලාපය තුළ ක්‍රියාත්මක කරන්නට ප්‍රයත්න දරන්නේ අ/තඹුත්තේගම ජාතික විද්‍යාලයයි. ඊට හේතුව වන්නේ කලාපයේ අධිකම දරුවන් ලෝකයට නිරාවරණය කිරීමේ මහත් අභියෝගය අපි දරන නිසාම ය. එයින් අනර්ඝ ඵල නෙලා හෙට දින ලොව ජය ගන්න දුවා දරුවන්ගේ ජීවිතය ඵල දරන බව නොඅනුමානය.