01) පිරිමි දරුවන් කොණ්ඩය විඨිමත්ව කොටට කපා මනාව පැත්තට හිස පීරා පැමිණිය යුතු අතර ගැහැණු දරුවන් කොණ්ඩය මැදින් බෙදා දෙපැත්තයට පීරා පැමිණිය යුතුය.
02) පිරිමි දරුවන් පාසල් ලාඃඡනය ස්ථිරව නිල ඇදුමෙහි වම් පස සාක්කුවෙහි දකුණු කෙලවරෙහි මසා තිබිය යුතුය.කලිසම මැසීමේදී ප්ලීට් දෙකක් පිටුපස එක සාක්කුවක් හා කලිසම් වාටිය අගල් 16ක් තබා මැසිය යුතු අතර කලිසම ඇදීමේදී තමාගේ ඉන මට්ටමෙන් ඇදිය යුතුය.කලු සපත්තු,කලු මේස් පැළදිය යුතුය.ගැහැණු දරුවන් පාසල් ටයි පටිය නියමිත පරිදි ඇද තිබිය යුතු අතර ගවුම් මැසීමේදී අගල් 1 1/4 පමණ රැලි දැමූ කොලර සහිත දණහිස් වැසෙන සේ උස් වූ ලෙස මසා තිබිය යුතුය.එල්ලෙන කරාඹු හා වෙනත් ආබරණ නොපැල දිය යුතුය.
03) දිනපතා පාසල් පැමිණීම 80%කට වඩා වැඩි විය යුතු අතර දින 41ක් දීර්ඝ නොපැමිණීම නාම ලේඛණයෙන් නම ඉවත් වීමට බලපානු ඇත.
04) විද්‍යාලයේ සිටින සෑම ගුරුභවතෙකුටම ගරු කළ යුතු අතර ගුරු භවතුන්ගේ අවවාදයට අවනතව පාසල තුළ හා ඉන් පිටත දී පාසලේ ගෞරවයෙන්,ගුරු ගෞරවයත්,ශිෂ්‍ය ගෞරවයත් ආරක්ෂාවන පරිදි කටයුතු කිරීමට වග බලා ගත යුතුය.
05) ගුරු භවතෙකුගේ විධිමත් අවසරයකින් තොරව පන්ති කාමරයෙන් පිටත්ව යාම නොකළ යුතු අතර පාසලෙන් පිටත යාමේදී නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුගේ හෝ විදුහපතිගේ අවසරය ලබා ගත යුතුය.
06) පාසල 7.30ට ආරම්භ කිරීමට පෙර පාසලට පැමිණිය යුතු අතර පාසලට පැමිණි පසු තමන්ට පැවරී ඇති පන්ති කාමර,පරිසරය පිරිසිදු කිරීමේ කටයුතු පාසල ආරම්භ කිරීමට පෙර සිදු කළ ටයුතුය.
07) පාස්ල ආරම්භ කිරීමට පළැමු සීනු නාද කළ පසු තමා කරන කාර්යන් නවතා පන්ති කාමරයට යා යුතුය.දෙවන සීනුව නාද කරන විට සියලු සිසුන් පන්සිල් ගැනීමට සූදානම් විය යුතුය.තෙවන සීනු නාදයට පන්සිල් ගැනීම පටන් ගත යුතුය.පාසල් ගීතය සහ ජාතික ගීය සියලුම සිසුන් ශබ්ද නගා සීරුවෙන් සිට ගායනය කළ යුතුය.පාසල් නිවේදන ප්‍රචාරය වීමේදී නිහඩතාවයෙන් යුතුව එය ශ්‍රවනය කළ යුතුය.
08) පාසලට පැමිණීමෙදීත් පාසලින් පිටතට යාමේදීත් පාසල් මාවත ප්‍රදාන මාර්ගය භාවිතා කරන විට පාරෙහි දකුණූ පසින් දෙදෙනා බැගින් පේලෙයට ගමබ්න් කළ යුතුය.
09) පාසලෙහි පන්ති නායක නායිකාවන්ට සහ ශිෂ්‍ය නායක නායිකාවන්ට පාසල් කටයුතු කිරීමේදී සෑම සිසුවෙක්ම තමාගේ සහාය දැක්විය යුතුය.
10)ඉගෙනුම් කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම,විෂය සමගාමී කටයුතු සදහා යොමු වීම,සමිති සමාගම් වලට සහභාගී වීම,විද්‍යාලීය කටයුතු වලදී නායකත්ව දැරීම වැනි පවස්ථාවන් වලට යොමු වී දක්ෂතා පෙන්වා විද්‍යාලීය කීර්තිය වැඩි කරලීමට සෑම දරුවෙක්ම උත්සාහ කළ ටයුතුය.
11) පාසලේ ඩෙස්පුටු,ගොඩනැගිලි ඇතුලු සියලු දේපළ ආරක්ෂා කිරීමට වගකීමෙන් යුතුව බැදී සිටින අතර නොමිලයේ ලැබෙන පොත්පත් පිට කවර දමා සුරක්ෂිතව භාවිතා කළ යුතුය.
12) පාසල තුළදී ඇතිවෙන ගැටලු පන්ති භාර ගුරු භවතා මාර්ගයෙන් පළැමුව විසදා ගත යුතු අතර දෙවනුව ශ්‍රේණී සමායෝජක,අඃශභාර ගුරුභවතුන් සහ නියෝජ්‍ය විගදුහල්පතිවරුන් මාර්ගයෙන් විසදා ගත නොහැකි ගැටලු පමණැක් විදුහල්පතිතුමා වෙත යොමු කළ යුතුය.
13) පාසල තුළදී ඇතිව කිසිදු ගැටලුවක් සම්බන්ධයෙන් තම දෙමව්පියන් හෝ භාරකරු හැර කිසිදු පුද්ගලයෙකු සම්බන්ධ කර හැනීම නොකළ යුතුය.
14) ජංගම දුරකථන හා අධ්‍යාපන කටයුතු වලට අදාල නොවන සියලුම විද්‍යුත් වර්ගයේ උපකරණ හා අනෙකුත් දේවල් පාසලට රැගෙන ඒමෙන් වැළකී සිටිය යුතුය.