සව්සිරි ලැබ ඔබ සැරදේවා
සිරස නමා නමදිමු සැමදා...//
තඹුත්තේගම මැදි මහ විදුහල් මාතා මාතා....
සව්සිරි ලැබ ඔබ සැරදේවා
සිරස නමා නමදිමු සැමදා...//
සමගිව සාමෙන් හෙලය නගන්නට
දෑ අභිමානෙන් දහම රකින්නට //
හෙළ විරු දරුවන් දිනු මේ රණබිම
වීර පුතුන් දූවරු බිහි කරනා
මැදි මහ විදුහල් මෑණි අපේ
සව්සිරි ලැබ ඔබ සැරදේවා
සිරස නමා නමදිමු සැමදා...//
ලක් අඹරේ පාය එන හිරු සේ
සිප් සත නැණ ගුණ දම් ආලෝකේ ..//
නෙක නව නිපැයුම් විදුවන් පඬුවන්
දස දෙස සුපතල සිහල කලාවන්
ඔබගෙන් බිහි වේවා ...
ලොවම පහන් වේවා...//
ලොවම පහන් වේවා...//