අද තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය බවට පත්ව ඇති මහා වෘක්ෂයේ ආරම්භය තඹුත්තේගම ගාමිණී මහා විදුහලයි.මෙම පාසල අනුරාධපුර දිස්ත්‍රිකයේ ඉපැරිණි පාඨශාලා වලින් එකකි.ජනවහර අනුව 1880-1890 කාලවලදී සිට මෙම පාසල පැවතගෙන ආ බව කියැවේ.චිංගීස් අයිත්මාතව් ගේ ගුරුගීතයේ දුයිෂෙන් වැනි අයෙක් ළමයින් කිහිප දෙනෙකු එකතු කරගෙන පොල් අතු මඬුවක මෙය ආරම්භ කර ඇති බව පැවසේ.මෙය මුල් කාලයේ දී තඹුත්තේගම ගම මධ්‍යයේ තිබී.අවුරුදු 2 කට පසුව කුරුණෑගල මාර්ගය අසල ඉදිකර ඇත.නමුත් මේ පිළිබදව ලිඛිත සාක්ෂි හමු වී නැති අතර පාසල පිළිබඳ තොරතුරු සෙවීමේ දී 1918 මෙපිට ලොග් සටහන් අපේ පාසල් ඉතිහාසය පිළිබද සාක්ෂි සපයා දෙයි.1918.03.11 දින සිට ගාමිණී මහා විද්‍යාලය ආරම්භ කර ඇති අතර ඒ මුල් කාලයේ දී ස්වභාෂා පිරිමි පාසල ලෙස හදුන්වා දී ඇත.එවකට පිරිමි දරුවන් පමණක් මෙහි ඉගෙනීමට පැමිණ ඇති බැවින් මෙසේ ව්‍යවහාර වි තිබේ.පසුව ආණ්ඩුවේ සිංහල මිශ්‍ර පාසල විය.ආරම්භයේ දී මුල්ගුරුතුමා ලෙස එච්.එම්.වන්නිනායක මහතා කටයුතු කර ඇති අතර ඉගෙනුම් කටයුතු සදහා සිසුන් 46ක් පමණ පැමිණ තිබේ.මුල්ගුරුතුමාට අමතරව ඒ.ඩි.බණ්ඩා ශිෂ්‍ය ගුරු මහතා ද සේවය කර ඇත.එප්පාවල කෝරාල දින තුනෙන් තුනට පැමිණ පාසල පරීක්ෂා කර බලා තිබේ.