එවකට විදුහල්පති ලුතිනන් කර්නල් උපාලි ගුණවර්දන මැතිතුමාගේ ආශිර්වාදයෙන් වර්ශ 2013 මැයි මස ළමුන් 12 දෙනෙකුගෙන් ආරම්භවූ ආ/තඹූත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ද්විභාෂා ඒකකය මූලිකවශයෙන් ගණිතය,විද්‍යාව,පුරවැසි අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීක අධ්‍යාපනය,භූගෝලය යන විශයන් ඉගැන්වූ අතර 2014 වසරේ සිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයද ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භවිය.
මෙහිදී ගණිතය හා සෞඛ්‍ය විෂයන් කසුන් ධනපාල ගුරුතුමාත්,
විද්‍යාව හා පුරවැසි අධ්‍යාපනය මිහිරි ඒකනායක ගුරුතුමියත්,
භූගෝල විද්‍යාව කුමුදු ධම්මිකා ගුරුතුමියත් ඉගැන්වීම් කරන ලදී.
මෙම ශිෂ්‍ය කණ්ඩායම් 2018 වසරේ අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයට මුහුණදුන් අතර ඔවුන් ප්‍රධාන විෂයක් වූ ගණිතයට A-10 , B-1 , C-1 සාමාර්ථද විද්‍යාවට A-9 , B-2 , C-1 සාමාර්ථද ලබා විශිෂ්ඨ ප්‍රතිඵලයක් පාසල් මාතාවට අයත් කරදෙන ලදී.
සෑම වසරකම සියලු විෂයන් වලට A සාමාර්ථ ලබන සිසුන් වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසි මාධ්‍ය ඒකකයෙන් බිහි වීම විශේෂ කරුණකි. අද වන විට ද්විභාෂා අංශයේ ළමයි 171ක් පමණ එහි අධ්‍යන කටයුතුවල නිරතවේ. තවද ගුරුවරුන් 6 දෙනෙකු එහි ඉගැන්වීමේ නිරතව සිටිති.